එදා
නම් වැස්ස නුඹ සොඳුරුතම සිහිනයක්
පෙම්
හැඟුම් තටු ලැබූ රස මවන ලෝකයක්
ගුගුරුවා
ගෙන අහස නුඹ ආව වේගයක්
මෙදා
නුඹ බිය රැඳුන නපුරුතම හීනයක්
ගංකොමලියගෙ
පහසින් සරු ගම් පියසේ
මා
ප්රිය සුහද නෑ පිරිවර සමඟ වෙසේ
රකුසු
වෙසින් නුඹ එනකොට මේ විලසේ
කොලොම්
පුරේ මම වැහි සුව විඳිනු කෙසේ
මිහිකත
සනහ සනහාලන වැහි බින්දූ
මගෙ
හද දව දවා නෙත කඳුලැලි රැන්දූ
ඔහු
ගැන විපරමෙන් තිස්පැය බිය කැන්දූ
මල්වැස්සක්
වෙලා වැහැපන් වැහි බින්දූ
පොද
වැස්සක්ව කෙත් වත් සරු කරලන්න
චන්ඩ
නොවී ගං ඇල දොල පුරවන්න
කලට
වැසි දිදී ගස් වැල් පුබුදන්න
ආයෙත්
එපා රුදුරුව ගම් වනසන්න
#########
ReplyDelete####
Deleteඅපූරු පද ගෙත්තමක් කටකාරී.
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි දුමී
Deleteහැමදාමත් වගේ හරිම අගෙයි කටකාරී කවි පේලිය
ReplyDeleteස්තූතියි ඉෂානි.
Deleteඅපූරුයි...
ReplyDeleteගොඩාක් ස්තූතියි අක්කේ කාලෙකින් නේද ආවේ මේ පැත්තට.
Deleteඅපූරුයි කටකාරියේ
ReplyDeleteස්තූතියි සඳූ අක්කේ
Deleteලස්සනම ලස්සනයි කටකාරීයේ....
ReplyDeleteලස්සනයි
ReplyDeleteTo : rain@sky.org
ReplyDeleteCc : viewers@katakarigelokaya.blogspot.com
Subject: A kind request
හරිම ලස්සනයි
ReplyDelete