එදා
නම් වැස්ස නුඹ සොඳුරුතම සිහිනයක්
පෙම්
හැඟුම් තටු ලැබූ රස මවන ලෝකයක්
ගුගුරුවා
ගෙන අහස නුඹ ආව වේගයක්
මෙදා
නුඹ බිය රැඳුන නපුරුතම හීනයක්
ගංකොමලියගෙ
පහසින් සරු ගම් පියසේ
මා
ප්‍රිය සුහද නෑ පිරිවර සමඟ වෙසේ
රකුසු
වෙසින් නුඹ එනකොට මේ විලසේ
කොලොම්
පුරේ මම වැහි සුව විඳිනු කෙසේ
මිහිකත
සනහ සනහාලන වැහි බින්දූ
මගෙ
හද දව දවා නෙත කඳුලැලි රැන්දූ
ඔහු
ගැන විපරමෙන් තිස්පැය බිය කැන්දූ
මල්වැස්සක්
වෙලා වැහැපන් වැහි බින්දූ
පොද
වැස්සක්ව කෙත් වත් සරු කරලන්න
චන්ඩ
නොවී ගං ඇල දොල පුරවන්න
කලට
වැසි දිදී ගස් වැල් පුබුදන්න
ආයෙත්
එපා රුදුරුව ගම් වනසන්න