කටකාර සිතුවිලි වල පෙලගැස්ම

Nov 13, 2016

පුතේ මේ අසන්



සිඟිති අත්පය සල සලා නුඹ කුසගින්නෙ හඬන කොට
මගෙ පපුව හෝස් ගා දැවෙනවා
දරුසෙනෙහෙ උතුර උතුරා වාන් දමනකොට
දොව දොවා සිංක් එකට හලනවා
පිටිකිරෙන් නුඹේ කුස පිරෙන හැටි බල බලා
පුතේ මම සියදහස්වාරයක් මැරෙනවා
නුඹ උපන්දා මගේ නොසන්සුන් වූ මනස
ගොඩගන්න තව බෙහෙත් කරනවා
නුඹට මගෙ කිරි තහන්චිය වැටුනුදා පුතේ
මම හැඬූ කඳුලු මහසයුර දන්නවා