කටකාර සිතුවිලි වල පෙලගැස්ම

Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts

Apr 13, 2018

කටකාරි ගෙන් අවුරුදු සුබපැතුම්

වැව් පොකුනු දිය කඩිති සිනා කැන් සල සලා
සිහිලසින් නලවාවි මිහිකතම සනසලා
මිහිලිය ගෙ ගිනියම්ව තැව්නු දෙකොපුල් බලා
වැසි දෙවිඳු හාදු දෙයි සැඩ හිරුට ඔරවලා

තුරෙන් තුර දොරින් දොර නැවුම් බව ඉතිරී
සරින් සර පෙම්වත්ව කුරුලු ගී මිහිරී
මුවෙන් මුව සිනාසෙන බක්මහේ අසිරී
සිතෙන් සිත රැඳේවා කිසිදාක නොමැකී
ආයු බොහෝ වී සියළු සිත් පහන් වේවා
හිත් පුරා මිනිස්කම් සුවඳ විහිදේවා
තැවුල් පිරි කොපුල් වල සිනහ ඉතිරේවා
පැතුම් පිරි අවුරුද්ද සැමට සුබ වේවා

Sep 9, 2017

මගේ ආයාචනය

එදා නම් වැස්ස නුඹ සොඳුරුතම සිහිනයක්
පෙම් හැඟුම් තටු ලැබූ රස මවන ලෝකයක්
ගුගුරුවා ගෙන අහස නුඹ ආව වේගයක්
මෙදා නුඹ බිය රැඳුන නපුරුතම හීනයක්




ගංකොමලියගෙ පහසින් සරු ගම් පියසේ
මා ප්‍රිය සුහද නෑ පිරිවර සමඟ වෙසේ
රකුසු වෙසින් නුඹ එනකොට මේ විලසේ
කොලොම් පුරේ  මම වැහි සුව විඳිනු කෙසේ




මිහිකත සනහ සනහාලන වැහි බින්දූ
මගෙ හද දව දවා නෙත කඳුලැලි රැන්දූ
ඔහු ගැන විපරමෙන් තිස්පැය බිය කැන්දූ
මල්වැස්සක් වෙලා වැහැපන් වැහි බින්දූ




පොද වැස්සක්ව කෙත් වත් සරු කරලන්න
චන්ඩ නොවී ගං ඇල දොල පුරවන්න
කලට වැසි දිදී ගස් වැල් පුබුදන්න
ආයෙත් එපා රුදුරුව ගම් වනසන්න





Aug 22, 2017

නුඹේ මුදු මදුර ස්වර සෙනෙහසින් හැඩවෙවී



නුඹේ මුදු මදුර ස්වර සෙනෙහසින් හැඩ වෙවී
මගේ ලොව නිවාලයි කඳුලකට ඉඩ නොවී
නුඹේ හද වීනාවෙ ස්වර අතර නැලවෙවී
සසරේම හිඳින්නම් ඔය සෙනෙහෙ සිර වෙවී
ගඟක් ගිම් දුරලන්නෙ සයුර හමු වුනු දාට
දහක් කවි පබැදෙන්නෙ ලොවක් නිදියන රෑට
මලක් පෙති විහිදන්නෙ මුවරදින් පිරි දාට
මගේ හද සැනසෙන්නෙ නුඹෙ කිරුල හිමි දාට

May 21, 2017

තටු සිඳුනු සමනළී

තටු සිඳුනු සමනලී
නෙත් කඳුලු සැලි සැලී
අවසන්ව සැනකෙලී
ලතවේවි සියුමැලී


ගම්මානයේ සොඳුරු රූ තාරකාවී
නෙත්මානයේ මව් හැදුනු සීදේවී
සිනා කැන් සල සලා දඟ කරපු සාවී
දිරියෙන්ම නැණ වඩපු සොඳ බාලිකාවී


කැකුලු ඇඟ කඳ සොඳට
මෝරලා යස රුවට
රොන් සොයන බිඟු කැලට
බැලුම් අඩු නෑ නුඹට


රිය කවුලුවෙන් ගමේ දිලිඳුකම් බල බලා
ගම වටේ ඉගිලුනේ ඔහු සමග හිනහිලා
ඔහු කතාවෙන් මැවූ සුරලොවේ තනිවෙලා
නුඹ හඬයි  ඉකිලමින් ගම අසල නැවතිලා


Mar 13, 2017

ඉතින් ඉගිලී යන්න



ඇවිත් නුඹෙ නෑසියන්
දායාධ විමසමින්
වචන අවි අමෝරා යුධ වදිනවා
දෑවැද්ද නැති ගෑනු ගන්න තොට පිස්සුදැයි
රුදුරු කරකෂ වදන් ඇසෙනවා
සතෙන් සතේඑක්කරන්
මාසෙ මුල පඩි පතෙන්
කනකරට රන් රුවන්
නොතැනුවේ කිම මගෙන් අහනවා
අම්ම ගේ බෙහෙත් ටික
ලිප ඉදෙන බත්පතට
මගේ හැම හීනයම
කැප කරපු බව නුඹත් දන්නවා
සැප දුකට හුරු හිතක්  
ආදරෙන් නුඹ නමින්
දායාධ ලෙස දෙන්න
මගේ ලඟ නොවෙනස්ව තියනවා
නුඹට ඒ දායාධ පිලිගන්න නොහැකි නම්
ඉතින් ඉගිලී යන්න
හදවතේ දොර කෞලු හරිනවා

Dec 14, 2016

දුක නැති නත්තලක්

උඳුවප් සීතට වියලුනු
නුඹේ කඳුලු මුව දිලිහුනු
කුසගින්නට කුස හැකිලුනු
නුඹේ කඳුලු දුටුවද උන්
තුන්තිස් පැය දුක උහුලපු

පාට පාට විදුලි බුබුලු
නෙක නෙක සැරසිලි විසිතුරු
නත්තල් ගස් ගවලෙන් හෙම
තිබුනා සල්පිල් පුරවපු
පුංචි පුංචි මූනු පොඩිති
ඒ තැන් වල අඩුවක් නැති
වපුරන විට සිනා සිඟිති
යමින් එමින් දකින නුඹේ
හිත දවනා දුක සුමිතුර
තිබුනා එක නෙත් බැල්මක
කාත් කවුරුවත් නොදැකපු
කොටුව පුරා දුව පනිමින්
කිලෝ ගණන් බර උස්සන්
කකියන කය වාරු කරන්
මේ තරමට වෙහෙස වෙන්නෙ
දොරකඩ හිඳ මග බලනා
පොඩිඑකීට දුක නැති නත්තලක් අරන්
හෙට උදෙන්ම ගමට යන්න.