කටකාර සිතුවිලි වල පෙලගැස්ම

Aug 22, 2017

නුඹේ මුදු මදුර ස්වර සෙනෙහසින් හැඩවෙවී



නුඹේ මුදු මදුර ස්වර සෙනෙහසින් හැඩ වෙවී
මගේ ලොව නිවාලයි කඳුලකට ඉඩ නොවී
නුඹේ හද වීනාවෙ ස්වර අතර නැලවෙවී
සසරේම හිඳින්නම් ඔය සෙනෙහෙ සිර වෙවී
ගඟක් ගිම් දුරලන්නෙ සයුර හමු වුනු දාට
දහක් කවි පබැදෙන්නෙ ලොවක් නිදියන රෑට
මලක් පෙති විහිදන්නෙ මුවරදින් පිරි දාට
මගේ හද සැනසෙන්නෙ නුඹෙ කිරුල හිමි දාට

18 comments:

  1. හොඳ පද ගෙතීමක් කටකාරී.

    ජයවේවා!!!

    ReplyDelete
  2. සසරේම හිටියොතින් ඔය සෙනෙහෙ සිර වෙවී
    අනාථයි ඒ නිසා හනික යන්නට නිවී

    ReplyDelete
    Replies
    1. සසරෙ එහෙම යන්නට බෑ නිවී නිවී
      මෙන්න ඉයන් උපදෙස් දී ලියයි කවී...

      Delete
    2. ඉන්නමයි හිතෙන්නේ මේ සෙනෙහෙ සිරවෙවී
      මොනතරම් දුක් කඳුලු පැමිණියත් සිත දැවී
      මේ සසර පුරාවට මා අසල කරකැවී
      පසුපසින් එන නිබඳ ඔහුයි මගෙ සඳ දෙවී

      බොහෝම ස්තූතියි ඉයන් ජය වේවා.

      Delete
  3. මං මේ වචන ටිකට ගොඩක් ආසයි
    එක හුස්මට කියව ගෙන යන්න පුළුවන් හරිම අපූරු කවක්

    ජයවේවා කටකාරි!!!

    ReplyDelete
  4. මේ පදේ ලස්සනටම මැදට ගැලපිලා කියලා හිතෙන්නේ මට විතරද ?
    "ගඟක් ගිම් දුරලන්නෙ සයුර හමු වුනු දාට"

    ReplyDelete
  5. වාව්.... හරිම ලස්සනයි කටකාරි...

    ReplyDelete
  6. යකෝ තව දිගට ලියාගෙන ගියානම් මොනව වෙනවද?

    ReplyDelete
    Replies
    1. ඊලඟ නිර්මානය ටිකක් දිගට ලියන්නම්කෝ. බොහෝම ස්තූතියි කසුන් අයියේ.

      Delete
  7. ගොඩක් දවසකට පස්සේ නිහඬ බව බිඳලා තියෙන්නෙ බොහොම අපූරු සිතුවිල්ලකින්නෙ. ලස්සනයි කටකාරී

    ReplyDelete