නුඹේ මුදු මදුර ස්වර සෙනෙහසින් හැඩ වෙවී
මගේ ලොව නිවාලයි කඳුලකට ඉඩ නොවී
නුඹේ හද වීනාවෙ ස්වර අතර නැලවෙවී
සසරේම හිඳින්නම් ඔය සෙනෙහෙ සිර වෙවී
ගඟක් ගිම් දුරලන්නෙ සයුර හමු වුනු දාට
දහක් කවි පබැදෙන්නෙ ලොවක් නිදියන රෑට
මලක් පෙති විහිදන්නෙ මුවරදින් පිරි දාට
මගේ හද සැනසෙන්නෙ නුඹෙ කිරුල හිමි දාට
හොඳ පද ගෙතීමක් කටකාරී.
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි දුමී
Deleteසසරේම හිටියොතින් ඔය සෙනෙහෙ සිර වෙවී
ReplyDeleteඅනාථයි ඒ නිසා හනික යන්නට නිවී
සසරෙ එහෙම යන්නට බෑ නිවී නිවී
Deleteමෙන්න ඉයන් උපදෙස් දී ලියයි කවී...
ඉන්නමයි හිතෙන්නේ මේ සෙනෙහෙ සිරවෙවී
Deleteමොනතරම් දුක් කඳුලු පැමිණියත් සිත දැවී
මේ සසර පුරාවට මා අසල කරකැවී
පසුපසින් එන නිබඳ ඔහුයි මගෙ සඳ දෙවී
බොහෝම ස්තූතියි ඉයන් ජය වේවා.
හෑ........
ReplyDeleteමං මේ වචන ටිකට ගොඩක් ආසයි
ReplyDeleteඑක හුස්මට කියව ගෙන යන්න පුළුවන් හරිම අපූරු කවක්
ජයවේවා කටකාරි!!!
ස්තූතියි ඉෂානියෝ.
Deleteමේ පදේ ලස්සනටම මැදට ගැලපිලා කියලා හිතෙන්නේ මට විතරද ?
ReplyDelete"ගඟක් ගිම් දුරලන්නෙ සයුර හමු වුනු දාට"
බොහෝම ස්තූතියි.
Deleteවාව්.... හරිම ලස්සනයි කටකාරි...
ReplyDeleteස්තූතියි නිර්මානි.
Deleteයකෝ තව දිගට ලියාගෙන ගියානම් මොනව වෙනවද?
ReplyDeleteඊලඟ නිර්මානය ටිකක් දිගට ලියන්නම්කෝ. බොහෝම ස්තූතියි කසුන් අයියේ.
Deleteගොඩක් දවසකට පස්සේ නිහඬ බව බිඳලා තියෙන්නෙ බොහොම අපූරු සිතුවිල්ලකින්නෙ. ලස්සනයි කටකාරී
ReplyDeleteස්තූතියි අක්කේ.
Deleteආව්ව්ව්... :)
ReplyDeleteස්තූතියි.
Delete