වැව් පොකුනු දිය කඩිති
සිනා කැන් සල සලා
සිහිලසින් නලවාවි
මිහිකතම සනසලා
මිහිලිය ගෙ ගිනියම්ව
තැව්නු දෙකොපුල් බලා
වැසි දෙවිඳු හාදු දෙයි
සැඩ හිරුට ඔරවලා
තුරෙන් තුර දොරින් දොර
නැවුම් බව ඉතිරී
සරින් සර පෙම්වත්ව
කුරුලු ගී මිහිරී
මුවෙන් මුව සිනාසෙන
බක්මහේ අසිරී
සිතෙන් සිත රැඳේවා
කිසිදාක නොමැකී
ආයු බොහෝ වී සියළු
සිත් පහන් වේවා
හිත් පුරා මිනිස්කම්
සුවඳ විහිදේවා
තැවුල් පිරි කොපුල් වල
සිනහ ඉතිරේවා
පැතුම් පිරි අවුරුද්ද
සැමට සුබ වේවා
යසට පැළඳ හිරු රන්වන් කහසාරී
ReplyDeleteරතට ලෙළදෙනා එරබදු මල් බේරී
හිතට ලැබෙනවා සතුටක මල් තේරී
ඔබට වසර සුභ වේවා කටකාරී.....
ජයවේවා!!!
ස්තූතියි දුමී. හරිම ලස්සනයි කවිය.
Deleteමරු.. ලස්සනයි
ReplyDeleteස්තූතියි
Deleteමේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය
ReplyDelete