කටකාර සිතුවිලි වල පෙලගැස්ම

Jan 23, 2017

අනේ මෙහෙමත් අම්මලා.

දීර්ග විරාමයකට පස්සෙ ඔන්න කටකාරිටත් හිතුන ලියන්න. හිතුන නෙවෙයි හිත පහුරු ගගා ලියපං ලියපං කියල කටකාරිට වද දෙන්න පටන් ගත්ත. මොකද ඒ තරම්ම මගේ හිත ගැස්සුනු මට සංවේදී වුනු සිදුවීමක් මට හමු වුනා. මෙතන ඉඳන් මම ඔයාලට කියන්න හදන්නෙ ඒ කතාව. දෙමව්පියො කිව්වහම ඒ අය ගැන ළමයි වෙච්ච අපිට කියන්න අටුවා ටීකා ඕන නැහැනෙ. ඉතින් හැම ගැහැණු ළමයෙක්ම කවදහරි පෙරුම්පුරන්නෙ හොඳ අම්ම කෙනෙක් වෙන්න. ඒකනෙ පුංචි කාලෙ ඉඳන් බෝනික්කො නලවන්නෙ. කිසිම හැඟීමක් දැනීමක් නැති බෝනික්කන්ට කවල පොවල බලාගන්නෙ. ඉතින් මමත් එක්ක සෙල්ලම් බත් උයපු මගේ මිතුරියක් කුලුඳුලේ අම්ම කෙනෙක් වෙලා. කටකාරිත් ගියා හරිම ආසාවෙන් පුංචි පැටියව බලන්න. චූටිම චූටි බෝනික්කියෙක් වගේ දූ පැටියෙක් මගේ මිතුරියට ලැබිල. ඒත් එයා මට කියපු කතාවකට මට අනේ අපොයි කියල හිතුන. මගේ මිතුරිය ගෙ සැමිය රැකියාව කරන්නෙ විදෙස් ගත වෙලා. ඉතින් ඇයට දරුව ලැබෙන කාලෙට ඔහුට නිවාඩු ගන්න බැරි නිසා 2017 ජනවාරි 25 මෙලොව එලිය දකින්න හිටපු කිරිකැටියට මාස දෙකක් කලින් ඉපදෙන්න සිද්ද වෙලා. ඒ කියන්නෙ 2016 ඔක්තෝම්බර් 25 සීසේරියන් සැත්කමක් මගින් පෞද්ගලික රෝහලකදි සිය කිරිකැටිය මෙලොවට බිහි කරන්න ඔවුන් තීරණය කරල. ඉතින් යාලුවනේ අඩුමාසෙන් අඩු බර ඇතිව ඉපදෙන ළමයින්ට ඇති වෙන අවදානම් ගැන මම අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නෑ කියල හිතනව. නම මසක්ම කුසේ දරා ගෙන නීරෝගීව නියමිත කාලෙට දරුව බිහි කරන්න තමයි හැම අම්ම කෙනෙක් ගේම ප්‍රාර්තනය. ඒත් දැන් දැන් දරුවාට නියමිත් කාලෙට මෙලොව එලිය දකින්න තියන අයිතියත් අපේ දෙමව්පියන් මෙලෙස උදුරා ගන්නේ කෙලෙසදැයි මට හිතාගැනීමට තරම්ම අපහසු කරුණකි. මව ගේ හෝ දරුවා ගේ සෞක්ඛ්‍යට බලපාන ගැටළු තත්වයකදී නම් මෙය ඉතා සාදාරණ බව කිව හැකිය.එහෙත් මෙවන් පෞද්ගලික අරමුණක් උදෙසා හෝ තමා ගේ පහසුව තකා හෝ මව්වරුන් ගන්නා මෙවන් තීරණ වලින් අසරණ වන්නේ එලෙස මෙලොවට එලිය දකින බිලින්දන්ය. ඔවුන්ට දිවි ගෙවන්නට වී ඇත්තේ තම ජීවිත කාලය පුරාම නොයෙක් ලෙඩ රෝග වලට ගොදුරු වෙමින් හෝ යම් යම් ආබාධිත තත්ව වලට ගොදුරු වෙමින්ය අද වන විට මෙය ඉතාමත් කේදවාචකයක් වී ඇත.සල්ලි විසි කරන්නට හැකි අය මෙලෙස තමන්ට ඕන දිනයට තමන්ට අවශ්‍ය දවසට වේලාවට දරුවන් මෙලොවට බිහි කරගනියි. නමුත් නිදහසේ මෙලොව එලිය දැකීම දරුවා ගේ අයිතිය බව නොසිතයි. මෙය මගේ සිත වැඩියෙන්ම කම්පා කරන්නට විය මන්දයත් මමත් යම් කිසි සෞක්ක්‍ය හේතුවක් නිසාවෙන් අඩුමාසයෙන් මෙලොව එලිය දැකදෘශ්‍යාබාධිත තත්වයෙන් ජීවිතය පුරාම දිවි ගෙවන නිසාවෙනි. මෙහි ආදීනව විඳවන තරම මම හොඳ හැටි අත්විඳ ඇත.ඉතින් මම එදා මගේ මිතුරිය ගෙ නිවසින් පිට වූයේ ඒ සිගිත්තියට කිසිඳු අතුරු ආන්ත්‍රාවකට මුහුන දීමට සිදු නොවේවායැයි සිතින් පතමිනි.

13 comments:

  1. සුභ නැකැත් බලලා දරුවන් උපද්දවන කාලයක් දැන් කටකාරි...
    දැන් දරුවන් ඉපෙදනවා
    ෙනෙවයි. උපද්දනවා...
    වැදගත් සටහනක්....

    ReplyDelete
    Replies
    1. ඒක හරියටම හරි නිර්මානි. දැන් මිනිස්සු තමන් ගැනම විතරයි හිතන්නෙ. මුලු ජීවිත කාලෙම අහින්සක දරුවො දුක්විඳිනව.

      Delete
  2. මිනිස්සු වෙනස් වෙලා සෑහෙන්න :(

    ReplyDelete
    Replies
    1. බෙහෝම ස්තූතියි මේ පැත්තට ආවට.

      Delete
  3. කටකාරිගේ රහ ලිපියක්. අනේ මන්දා මිනිස්සුන්ට මොනා වෙලාද?

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මටත් හිතාගන්න බෑ දුමි මේ මිනිස්සුන්ට මොනව වෙලාද කියල මට මගේ මිතුරිය ඒක කියපු වෙලාවෙ මම විශ්වාස කලෙත් නැහැ.

      Delete
    2. කටකාරී. ඡේද වෙන්කරලා ලිව්වානම් මේ අපූරු ලියවිල්ල තවත් ලස්සන වෙනවා කියලා මට හිතෙනවා.

      ජයවේවා!!!

      Delete
    3. මම ඉක්මනින්ම ඒ වැරැද්ද හදන්නම් දුමී බොහෝම පින් ඒ ගැන මාව දැනුවත්කලාට.

      Delete
  4. දැන් දැන් අඩු වයසෙන් උපදින දරුවන් අඩු පාඩු වලින් තොරව වැඩෙන අවස්ථා වැඩියි. ඔය දරුවා ට සාර්ථකව ජීවිතය ගෙන යන්න පුලුවන් වේවි..

    ReplyDelete
  5. කාලෙ වෙනස්.. තාලෙ අලුත් කියලා තමා කියන්න වෙන්නේ.හැබැයි ඉතින් අවධානම් තත්වයක් තියෙනවනම් දොස්තරලා ඔය තීරණයට එකඟ වෙන්නේ නෑ නේද ? කොහොම උනත් ඒ දරුවාට සුබ අනාගතයක් පතනවා.

    ReplyDelete
  6. වෙලාවට නැකතට බබාව ගත්තම ඒ ළමයා මේ ලෝකෙම පෙරලන කෙනෙක් වෙලා නවතින්නෙ... අතුරු ආන්තරා නෑ කටකාරියේ හැක් හැක්

    ReplyDelete