තටු සිඳුනු සමනලී
නෙත් කඳුලු සැලි සැලී
අවසන්ව සැනකෙලී
ලතවේවි සියුමැලී
ගම්මානයේ සොඳුරු රූ තාරකාවී
නෙත්මානයේ මව් හැදුනු සීදේවී
සිනා කැන් සල සලා දඟ කරපු සාවී
දිරියෙන්ම නැණ වඩපු සොඳ බාලිකාවී
කැකුලු ඇඟ කඳ සොඳට
මෝරලා යස රුවට
රොන් සොයන බිඟු කැලට
බැලුම් අඩු නෑ නුඹට
රිය කවුලුවෙන් ගමේ දිලිඳුකම් බල බලා
ගම වටේ ඉගිලුනේ ඔහු සමග හිනහිලා
ඔහු කතාවෙන් මැවූ සුරලොවේ තනිවෙලා
නුඹ හඬයි ඉකිලමින් ගම අසල නැවතිලා
May 21, 2017
Mar 13, 2017
ඉතින් ඉගිලී යන්න
ඇවිත් නුඹෙ නෑසියන්
දායාධ විමසමින්
වචන අවි අමෝරා යුධ වදිනවා
දෑවැද්ද නැති ගෑනු ගන්න තොට පිස්සුදැයි
රුදුරු කරකෂ වදන් ඇසෙනවා
සතෙන් සතේඑක්කරන්
මාසෙ මුල පඩි පතෙන්
කනකරට රන් රුවන්
නොතැනුවේ කිම මගෙන් අහනවා
අම්ම ගේ බෙහෙත් ටික
ලිප ඉදෙන බත්පතට
මගේ හැම හීනයම
කැප කරපු බව නුඹත් දන්නවා
සැප දුකට හුරු හිතක්
ආදරෙන් නුඹ නමින්
දායාධ ලෙස දෙන්න
මගේ ලඟ නොවෙනස්ව තියනවා
නුඹට ඒ දායාධ පිලිගන්න නොහැකි නම්
ඉතින් ඉගිලී යන්න
හදවතේ දොර කෞලු හරිනවා
Jan 23, 2017
අනේ මෙහෙමත් අම්මලා.
දීර්ග විරාමයකට පස්සෙ ඔන්න කටකාරිටත් හිතුන ලියන්න. හිතුන නෙවෙයි හිත පහුරු ගගා ලියපං ලියපං කියල කටකාරිට වද දෙන්න පටන් ගත්ත. මොකද ඒ තරම්ම මගේ හිත ගැස්සුනු මට සංවේදී වුනු සිදුවීමක් මට හමු වුනා. මෙතන ඉඳන් මම ඔයාලට කියන්න හදන්නෙ ඒ කතාව. දෙමව්පියො කිව්වහම ඒ අය ගැන ළමයි වෙච්ච අපිට කියන්න අටුවා ටීකා ඕන නැහැනෙ. ඉතින් හැම ගැහැණු ළමයෙක්ම කවදහරි පෙරුම්පුරන්නෙ හොඳ අම්ම කෙනෙක් වෙන්න. ඒකනෙ පුංචි කාලෙ ඉඳන් බෝනික්කො නලවන්නෙ. කිසිම හැඟීමක් දැනීමක් නැති බෝනික්කන්ට කවල පොවල බලාගන්නෙ. ඉතින් මමත් එක්ක සෙල්ලම් බත් උයපු මගේ මිතුරියක් කුලුඳුලේ අම්ම කෙනෙක් වෙලා. කටකාරිත් ගියා හරිම ආසාවෙන් පුංචි පැටියව බලන්න. චූටිම චූටි බෝනික්කියෙක් වගේ දූ පැටියෙක් මගේ මිතුරියට ලැබිල. ඒත් එයා මට කියපු කතාවකට මට අනේ අපොයි කියල හිතුන. මගේ මිතුරිය ගෙ සැමිය රැකියාව කරන්නෙ විදෙස් ගත වෙලා. ඉතින් ඇයට දරුව ලැබෙන කාලෙට ඔහුට නිවාඩු ගන්න බැරි නිසා 2017 ජනවාරි 25 මෙලොව එලිය දකින්න හිටපු කිරිකැටියට මාස දෙකක් කලින් ඉපදෙන්න සිද්ද වෙලා. ඒ කියන්නෙ 2016 ඔක්තෝම්බර් 25 සීසේරියන් සැත්කමක් මගින් පෞද්ගලික රෝහලකදි සිය කිරිකැටිය මෙලොවට බිහි කරන්න ඔවුන් තීරණය කරල. ඉතින් යාලුවනේ අඩුමාසෙන් අඩු බර ඇතිව ඉපදෙන ළමයින්ට ඇති වෙන අවදානම් ගැන මම අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නෑ කියල හිතනව. නම මසක්ම කුසේ දරා ගෙන නීරෝගීව නියමිත කාලෙට දරුව බිහි කරන්න තමයි හැම අම්ම කෙනෙක් ගේම ප්රාර්තනය. ඒත් දැන් දැන් දරුවාට නියමිත් කාලෙට මෙලොව එලිය දකින්න තියන අයිතියත් අපේ දෙමව්පියන් මෙලෙස උදුරා ගන්නේ කෙලෙසදැයි මට හිතාගැනීමට තරම්ම අපහසු කරුණකි. මව ගේ හෝ දරුවා ගේ සෞක්ඛ්යට බලපාන ගැටළු තත්වයකදී නම් මෙය ඉතා සාදාරණ බව කිව හැකිය.එහෙත් මෙවන් පෞද්ගලික අරමුණක් උදෙසා හෝ තමා ගේ පහසුව තකා හෝ මව්වරුන් ගන්නා මෙවන් තීරණ වලින් අසරණ වන්නේ එලෙස මෙලොවට එලිය දකින බිලින්දන්ය. ඔවුන්ට දිවි ගෙවන්නට වී ඇත්තේ තම ජීවිත කාලය පුරාම නොයෙක් ලෙඩ රෝග වලට ගොදුරු වෙමින් හෝ යම් යම් ආබාධිත තත්ව වලට ගොදුරු වෙමින්ය අද වන විට මෙය ඉතාමත් කේදවාචකයක් වී ඇත.සල්ලි විසි කරන්නට හැකි අය මෙලෙස තමන්ට ඕන දිනයට තමන්ට අවශ්‍ය දවසට වේලාවට දරුවන් මෙලොවට බිහි කරගනියි. නමුත් නිදහසේ මෙලොව එලිය දැකීම දරුවා ගේ අයිතිය බව නොසිතයි. මෙය මගේ සිත වැඩියෙන්ම කම්පා කරන්නට විය මන්දයත් මමත් යම් කිසි සෞක්ක්ය හේතුවක් නිසාවෙන් අඩුමාසයෙන් මෙලොව එලිය දැකදෘශ්යාබාධිත තත්වයෙන් ජීවිතය පුරාම දිවි ගෙවන නිසාවෙනි. මෙහි ආදීනව විඳවන තරම මම හොඳ හැටි අත්විඳ ඇත.ඉතින් මම එදා මගේ මිතුරිය ගෙ නිවසින් පිට වූයේ ඒ සිගිත්තියට කිසිඳු අතුරු ආන්ත්රාවකට මුහුන දීමට සිදු නොවේවායැයි සිතින් පතමිනි.
Jan 1, 2017
නව වසරට කටකාරි ගෙන් සුබපැතුම්
මගේ බ්ලොග් එකට ගොඩවැදුණු මගේ නිර්මාන වලට හොඳ නරක පහදාදෙමින් කොමෙන්ට් දාල මාව දිරිමත් කරපු සියළුදෙනාටම ලැබුවාවූ 2017 නව වසර නිදුක් නීරෝගී සුබ සිහින ඉටුවෙන අබියෝග වලට සාර්ථකව මුහුනදී ජය ලැබෙන සුන්දර වසරක් වේවා. කියල කටකාරි හදවතින්ම සුබපතනව. මේ වසරෙත් මාත් එක්කම මගේ නිර්මාන එක්කම රැඳෙන්න ඔබ සැමට ආරාධනා කරනව.
Dec 14, 2016
දුක නැති නත්තලක්
උඳුවප් සීතට වියලුනු
නුඹේ කඳුලු මුව
දිලිහුනු
කුසගින්නට කුස
හැකිලුනු
නුඹේ කඳුලු
දුටුවද උන්
තුන්තිස් පැය
දුක උහුලපු
පාට පාට විදුලි
බුබුලු
නෙක නෙක සැරසිලි
විසිතුරු
නත්තල් ගස්
ගවලෙන් හෙම
තිබුනා සල්පිල්
පුරවපු
පුංචි පුංචි
මූනු පොඩිති
ඒ තැන් වල
අඩුවක් නැති
වපුරන විට සිනා
සිඟිති
යමින් එමින්
දකින නුඹේ
හිත දවනා දුක
සුමිතුර
තිබුනා එක නෙත්
බැල්මක
කාත් කවුරුවත්
නොදැකපු
කොටුව පුරා දුව
පනිමින්
කිලෝ ගණන් බර
උස්සන්
කකියන කය වාරු
කරන්
මේ තරමට වෙහෙස
වෙන්නෙ
දොරකඩ හිඳ මග
බලනා
පොඩිඑකීට දුක
නැති නත්තලක් අරන්
හෙට උදෙන්ම ගමට යන්න.
Subscribe to:
Posts (Atom)