තුරුවැල් මල් හසරැලි විසිරී
මුමුනයි ආදරයක අසිරී
සත්‍ය කසුන් හට සුබාසිරී
ගෙනඑයි මුදු පවනැලි සරැලී
දහසක් බාදක විඳ දිරියෙන්
ආ මග නැවතුනි සිනා තොටින්
ආදරයේ රන් කිරුලු දරන්
අද දෙහදක් සැනහේ සතුටින්
දිවිමග ඉසුරෙන් සපිරෙන්නයි
සැමදෙවියන් ඔබ රැකදෙන්නයි
දූදරුවන් ලැබ සෙනෙහෙ කැදැල්ලක
සහසක් පැතුමන් ඉටුවෙන්නයි
පංකාදුයි කටකාරී... ජයවේවා ...
ReplyDeleteබොහෝම ස්තූතියි
Delete//දිවිමග ඉසුරෙන් සපිරෙන්නයි
ReplyDeleteසැමදෙවියන් ඔබ රැකදෙන්නයි//
ඒ දෙන්න වෙනුවෙන් අපි හැමෝගෙම පැතුම
නිර්මාණිටත් කසුන්ටත් වාසනාවන්ත යුග දිවි ගමනකට මගෙනුත් ආසිරි
ReplyDeleteපැතුම් දියුණුව ළඟා වේවා කසුන් නිර්මාණිය බලා
ReplyDeleteසිතුම් අදහස් නැවුම් වේවා යුවතිපති හට සෙත්වෙලා
ගෙතුම් මල් වැල් සුවඳ වේවා නව කැදැල්ලම හැඩවෙලා
උතුම් සෙනෙහස අරුත් වේවා මංගලම් සිරි ජයවෙලා........
කවිය නියමයි කටකාරි..
ReplyDeleteබොහෝම ස්තූතියි.
Deleteසත්‍යා නංගිට, කසුන් මල්ලිට වගේම මේ කටකාර කෙවිළියටත්, පෙම්බර කෝකිලයාටත් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඔයාල දෙන්න හරිම ලස්සනට ගායනා කළා...
ReplyDeleteබොහෝම ස්තූතියි තරු අක්කේ.
Deleteකවිය ගති. කසුන කියන්නෙ පස්ට බොක්ක ක්
ReplyDeleteසත්‍යා ත්එක්ක දෙන්නම හම්බුණා බ්ලොග් අවොඩ් එකේදි
කටකාරි ලස්සනට ලියනව නෙ.
ආයෙත් එන්නම්
ජය
ස්තූතියි මේ පැත්තට ආවට. ආයෙත් එන්න.
Deleteබොහොම ආදරෙන් සෙනෙහසෙන් සතුටෙන් ගත වුණු හෝරා කිහිපයක් ගත කළා. මේ ලියන කෙල්ල කටකාරීවත් දැක බලා කතා කරන්න ලැබුනා. ඉතින් මට බොහෝම සන්තෝසයි නංගී... දෙන්නගේ යුග ගායනා අහන්න ලැබුන එකත් ඒවගේම සතුටුයි. හරිම ලස්සනයි නේ. මල්ලිට වගේම ඔයාටත් හොඳින් ගායනා කරන්න පුළුවන් ! ආයෙ හමුවෙමු. අපේ සත්‍යට සහ කසුන් මල්ලිට සුබ පැතුම්... ඕනෙ දේකට අපි ඉන්නවා හොඳේ !
ReplyDeleteගොඩාක් ස්තූතියි අක්කේ මටත් සතුටුයි ඔයාලත් එක්ක කතා කරන්න ලැබුනට.
Deleteකටකාරිගේ ඉසව්වට ආවෙ අහම්බෙන්....දෙදෙනාටම මගෙනුත් සුභ පැතුම්...
ReplyDelete