ඇවිත් නුඹෙ නෑසියන්
දායාධ විමසමින්
වචන අවි අමෝරා යුධ වදිනවා
දෑවැද්ද නැති ගෑනු ගන්න තොට පිස්සුදැයි
රුදුරු කරකෂ වදන් ඇසෙනවා
සතෙන් සතේඑක්කරන්
මාසෙ මුල පඩි පතෙන්
කනකරට රන් රුවන්
නොතැනුවේ කිම මගෙන් අහනවා
අම්ම ගේ බෙහෙත් ටික
ලිප ඉදෙන බත්පතට
මගේ හැම හීනයම
කැප කරපු බව නුඹත් දන්නවා
සැප දුකට හුරු හිතක්
ආදරෙන් නුඹ නමින්
දායාධ ලෙස දෙන්න
මගේ ලඟ නොවෙනස්ව තියනවා
නුඹට ඒ දායාධ පිලිගන්න නොහැකි නම්
ඉතින් ඉගිලී යන්න
හදවතේ දොර කෞලු හරිනවා
ඉවසහං නංගි ඉවසහං.
ReplyDeleteස්තුතියි අයියේ.
Deleteදායාද ඉල්ලන පිරිමි තාමත් ඉන්නවද අප්පා
ReplyDeleteදායාධ ඉල්ලන පිරිමි නැතත් නෑදෑ සනුහරේ තවමත් කෙලින් නැතත් වක්ක්‍රව හරි දායාධ බලාපුරුත්තු වෙනව. අපි අද වෙනකොට කොච්චර නෑ කිව්වත් තවමත් මේ ප්‍රශ්නෙ තියනව.
Deleteකටකාරී....
ReplyDeleteතාමත් බොහෝ තැන්වල ඔය දේවල් සිද්ධවෙනවා. කෙලින්ම දෑවැද්ද ඉල්ලන උදවිය හොඳයි කියලා හිතෙනවා වහෙං ඔරෝ එන උදවියට වඩා.
නිර්මාණය වටිනවා. ඉතින්...
ජයවේවා!!!
ඒක නම් සහතික ඇත්ත දුමී. ස්තූතියි මේ පැත්තට ආවට.
Deleteරනිල් මාමා එකපාරක් දෑවැදි තහනම් කොරනවා කීවා නේද
ReplyDeleteඑහෙම කිව්ව කියල මටත් පොඩි මතකයක් තියනව.
Deleteමේ කවියෙ අවසාන ටික කියවද්දි මට ගීතයක අවසාන ටික මතක් වුනා.
ReplyDeleteලිඳ මොකට ද දිය නැති නම් වැහුනාවේ
තිබහට වතුර ඇති තැනකින් පෙවුනාවේ
කිරි දරු සුවඳ කොතනින් හරි වින්දාවේ
අහවර නොවන දුක මා ලඟ තිබුනාවේ
මාතෘකාවට අදාල නැති වුනත් ගැහැනියකගෙ ඉවසීම හරි පුදුමයි කටකාරියෙ. ඉවසන කෙනාවම මිනිස්සු තලා පෙලා දාන එකමයි ඉවසන්න අමාරු.
හදවතට දැනුන අපූරු නිර්මාණයක්..
ජයවේවා!!!
ඒකනම් ඇත්ත. ඉවසන කෙනාම තමයි තව තවත් තලන්නෙ. ස්තූතියි. මේ පැත්තට ආවට ගොඩාක් කාලෙකින්.
Deleteදායාදය මදිද ආදරයක් හින්දා
ReplyDeleteවටිනාකම මදිද නොවෙනස් වෙන හින්දා
ආඩම්බර මදිද හිත මගෙ ලඟ හින්දා
මම හොඳ මදිද වතුපිටි රන් නැති හින්දා..
හරිම ලස්සනයි කවිය. ස්තූතියි.
Deleteහරිම ලස්සන සන්වේදී ව දැනෙන කවියක්...
ReplyDeleteබොහෝම ස්තූතියි විසිරි අක්කේ.
Delete