උඳුවප් සීතට වියලුනු
නුඹේ කඳුලු මුව
දිලිහුනු
කුසගින්නට කුස
හැකිලුනු
නුඹේ කඳුලු
දුටුවද උන්
තුන්තිස් පැය
දුක උහුලපු
පාට පාට විදුලි
බුබුලු
නෙක නෙක සැරසිලි
විසිතුරු
නත්තල් ගස්
ගවලෙන් හෙම
තිබුනා සල්පිල්
පුරවපු
පුංචි පුංචි
මූනු පොඩිති
ඒ තැන් වල
අඩුවක් නැති
වපුරන විට සිනා
සිඟිති
යමින් එමින්
දකින නුඹේ
හිත දවනා දුක
සුමිතුර
තිබුනා එක නෙත්
බැල්මක
කාත් කවුරුවත්
නොදැකපු
කොටුව පුරා දුව
පනිමින්
කිලෝ ගණන් බර
උස්සන්
කකියන කය වාරු
කරන්
මේ තරමට වෙහෙස
වෙන්නෙ
දොරකඩ හිඳ මග
බලනා
පොඩිඑකීට දුක
නැති නත්තලක් අරන්
හෙට උදෙන්ම ගමට යන්න.
අපුරුයි කටකාරී.
ReplyDeleteජයවේවා!!!
බොහෝම ස්තූතියි. මේ පැත්තට ආවට.
Deleteහ්ම්ම්ම් මේ වගේ දුක හිතෙන කතානම් කොච්චරක් ඇතිද...
ReplyDeleteසොදුරුයි....
ReplyDeleteඅපුඍුයි කටකාරි....
ReplyDeleteදුක නැති සතුට පිරුණු නත්තලක් වෙනුවෙන් සිත් කොච්චරක් නම් දුක්වෙනාවා ඇද්ද?
නත්තලේ තවත් එක පැත්තක්
ReplyDelete