කටකාර සිතුවිලි වල පෙලගැස්ම

Dec 14, 2016

දුක නැති නත්තලක්

උඳුවප් සීතට වියලුනු
නුඹේ කඳුලු මුව දිලිහුනු
කුසගින්නට කුස හැකිලුනු
නුඹේ කඳුලු දුටුවද උන්
තුන්තිස් පැය දුක උහුලපු

පාට පාට විදුලි බුබුලු
නෙක නෙක සැරසිලි විසිතුරු
නත්තල් ගස් ගවලෙන් හෙම
තිබුනා සල්පිල් පුරවපු
පුංචි පුංචි මූනු පොඩිති
ඒ තැන් වල අඩුවක් නැති
වපුරන විට සිනා සිඟිති
යමින් එමින් දකින නුඹේ
හිත දවනා දුක සුමිතුර
තිබුනා එක නෙත් බැල්මක
කාත් කවුරුවත් නොදැකපු
කොටුව පුරා දුව පනිමින්
කිලෝ ගණන් බර උස්සන්
කකියන කය වාරු කරන්
මේ තරමට වෙහෙස වෙන්නෙ
දොරකඩ හිඳ මග බලනා
පොඩිඑකීට දුක නැති නත්තලක් අරන්
හෙට උදෙන්ම ගමට යන්න.



6 comments:

  1. අපුරුයි කටකාරී.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි. මේ පැත්තට ආවට.

      Delete
  2. හ්ම්ම්ම් මේ වගේ දුක හිතෙන කතානම් කොච්චරක් ඇතිද...

    ReplyDelete
  3. අපුඍුයි කටකාරි....
    දුක නැති සතුට පිරුණු නත්තලක් වෙනුවෙන් සිත් කොච්චරක් නම් දුක්වෙනාවා ඇද්ද?

    ReplyDelete
  4. නත්තලේ තවත් එක පැත්තක්

    ReplyDelete