කටකාර සිතුවිලි වල පෙලගැස්ම

Nov 13, 2016

පුතේ මේ අසන්



සිඟිති අත්පය සල සලා නුඹ කුසගින්නෙ හඬන කොට
මගෙ පපුව හෝස් ගා දැවෙනවා
දරුසෙනෙහෙ උතුර උතුරා වාන් දමනකොට
දොව දොවා සිංක් එකට හලනවා
පිටිකිරෙන් නුඹේ කුස පිරෙන හැටි බල බලා
පුතේ මම සියදහස්වාරයක් මැරෙනවා
නුඹ උපන්දා මගේ නොසන්සුන් වූ මනස
ගොඩගන්න තව බෙහෙත් කරනවා
නුඹට මගෙ කිරි තහන්චිය වැටුනුදා පුතේ
මම හැඬූ කඳුලු මහසයුර දන්නවා








8 comments:

  1. නැව් නැගී පිට ගියත් මිනිස්කම වියැකිලා
    පව් නොකළ පොඩි එවුන් තාම ඇති සුරැකිලා
    සව් සිරෙන් පිරි අපේ දේශයෙම ඉතිරිලා
    මව් සෙනෙහෙ පුබුදුවයි ලේ නහර රත්වෙලා........

    ලස්සන පද පෙළක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මෙහෙම රෝග වලින් පීඩා විඳින අම්මාවරු මොනතරම් ඉන්නවද? කිරි දෙන්න ඕන වුනත් දෙන්න බැරිස්තුතියි මේක සත්‍ය සිද්දියක්

      Delete
  2. ඉකි ගහන මගෙ හිතට නුඹෙ සුවඳ දැනෙනවා
    නුදුන්නත් කිරි සුවඳ අම්මෙ මට දැනෙනවා
    ඉල්ලන්න බැරිකමට මහ හඬින් හඬනවා
    තරහ නෑ මම අම්මෙ නුඹෙ සෙනේ වටිනවා

    අපූරුයි කටකාරි

    හරිම සංවේදී පද බැඳුමක්
    ජයවේවා!!!

    ReplyDelete
  3. අම්මලා නං අම්මලාමය. සතා සිව්පාවගේ ඉදල අපි ඕගොල්ලන් ඔක්කොම දන්න අම්මා අම්මාමය.
    ඔබේ කවි වලින් හොද කවියක්.

    ReplyDelete
  4. මානසික රෝගීන්ගේ කිරි දෙන්නෙත් නැද්ද ළමයින්ට??? ඒ මොන විකාර වැඩක්ද? ඇත්තටම මම මේ වගේ දෙයක් ඇහුවෙත් අදයි.හිතාගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. මානසික රෝග වලට දෙන බෙහෙත් ගොඩාක් සැරයි. ඒ නිසා කිරිදෙන්න එපා කියල වෛද්‍යවරු කියනව කිරි නවත්වන්න කියල. ඒක මොන තරම් දුකක්ද කියල දන්නෙ එහෙම වෙච්ච කෙනෙක්ම තමයි.

      Delete
  5. කටකාරිට මේ විදිහට වචනවලට ඒ දුක පෙරලන්න පුලුවන් උනාට... ඒ අම්මගෙ දුක වචනවලට පෙරලන්න බැරුව ඇති නේද... මොන තරම් වේදනාවක්ද...

    ReplyDelete
  6. අනේ .. දුක හිතුනා මේක කියවලා... මෙහෙම දේවලුත් වෙනවනේ ඉතින්.

    ReplyDelete