සිඟිති අත්පය සල සලා නුඹ
කුසගින්නෙ හඬන කොට
මගෙ පපුව හෝස් ගා දැවෙනවා
දරුසෙනෙහෙ උතුර උතුරා වාන්
දමනකොට
දොව දොවා සිංක් එකට හලනවා
පිටිකිරෙන් නුඹේ
කුස පිරෙන හැටි බල බලා
පුතේ මම සියදහස්වාරයක් මැරෙනවා
නුඹ උපන්දා මගේ නොසන්සුන් වූ මනස
ගොඩගන්න තව බෙහෙත් කරනවා
නුඹට මගෙ කිරි තහන්චිය වැටුනුදා පුතේ
මම හැඬූ කඳුලු මහසයුර දන්නවා
නැව් නැගී පිට ගියත් මිනිස්කම වියැකිලා
ReplyDeleteපව් නොකළ පොඩි එවුන් තාම ඇති සුරැකිලා
සව් සිරෙන් පිරි අපේ දේශයෙම ඉතිරිලා
මව් සෙනෙහෙ පුබුදුවයි ලේ නහර රත්වෙලා........
ලස්සන පද පෙළක්.
ජයවේවා!!!
මෙහෙම රෝග වලින් පීඩා විඳින අම්මාවරු මොනතරම් ඉන්නවද? කිරි දෙන්න ඕන වුනත් දෙන්න බැරිස්තුතියි මේක සත්‍ය සිද්දියක්
Deleteඉකි ගහන මගෙ හිතට නුඹෙ සුවඳ දැනෙනවා
ReplyDeleteනුදුන්නත් කිරි සුවඳ අම්මෙ මට දැනෙනවා
ඉල්ලන්න බැරිකමට මහ හඬින් හඬනවා
තරහ නෑ මම අම්මෙ නුඹෙ සෙනේ වටිනවා
අපූරුයි කටකාරි
හරිම සංවේදී පද බැඳුමක්
ජයවේවා!!!
අම්මලා නං අම්මලාමය. සතා සිව්පාවගේ ඉදල අපි ඕගොල්ලන් ඔක්කොම දන්න අම්මා අම්මාමය.
ReplyDeleteඔබේ කවි වලින් හොද කවියක්.
මානසික රෝගීන්ගේ කිරි දෙන්නෙත් නැද්ද ළමයින්ට??? ඒ මොන විකාර වැඩක්ද? ඇත්තටම මම මේ වගේ දෙයක් ඇහුවෙත් අදයි.හිතාගන්න බෑ.
ReplyDeleteමානසික රෝග වලට දෙන බෙහෙත් ගොඩාක් සැරයි. ඒ නිසා කිරිදෙන්න එපා කියල වෛද්‍යවරු කියනව කිරි නවත්වන්න කියල. ඒක මොන තරම් දුකක්ද කියල දන්නෙ එහෙම වෙච්ච කෙනෙක්ම තමයි.
Deleteකටකාරිට මේ විදිහට වචනවලට ඒ දුක පෙරලන්න පුලුවන් උනාට... ඒ අම්මගෙ දුක වචනවලට පෙරලන්න බැරුව ඇති නේද... මොන තරම් වේදනාවක්ද...
ReplyDeleteඅනේ .. දුක හිතුනා මේක කියවලා... මෙහෙම දේවලුත් වෙනවනේ ඉතින්.
ReplyDelete