කටකාර සිතුවිලි වල පෙලගැස්ම

Oct 26, 2016

එදා සහ අද

එදා නුඹෙ විජිතයේ මම සුවඳ මලක් විය
ප්‍රේමයේ මුදුසුවඳ නුඹ වටා විදාහල
ලොවම එරෙහිව ඉද්දි නුඹ නමින් ඉකිබින්ද
මතකයිද හදවතක් නුඹෙ නමට වෙන්වෙච්ච
නිලෙන් බලයෙන් ටිකෙන් ටික උඩට ගිය නුඹට
රුවෙන් අඩු මලක් විය නොපෑහෙන නුඹෙ ලොවට
සියක් මල් වට කරන් විසි කලා මා ඉවත
නුඹෙ ලොවට කිසිමදා නොගන්නට මා නැවත

අද ඔහු ගෙ ලෝකයට මම සොඳුරු සඳවතක්
ඒ සෙනෙහෙ කිරුලුලන සුපෙම්වත් රැජිනියක්
මගෙ කඳුලු මකාලන ඔහු සෙනෙහෙ උල්පතක්
අපේ ලොව ප්‍රේමයෙන් පිරි සොඳුරු ගීතයක්

14 comments:

  1. රුවට නැමෙනා සිතක් වෙද බමර සැනකෙලී
    සිතට දැනෙනා ලෙසට නොකරාවි පෙම් කෙලී
    සඳට දුක් කිය කියා නොහඬන්න සමනලී
    අවට ඇත නුඹෙ නමින් දිලිසෙනා තරු එලි
    :D

    ReplyDelete
  2. ඔන්න අපිත් මේ පැත්තට ගොඩ වුනා.. අපූරුයි..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඔයාලගෙ ශක්තිය මට ගොඩාක් වටිනව. ආයෙත් මේපැත්තට එන්න මට ශක්තියක් වෙන්න.

      Delete
  3. හොඳයි අක්කේ

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මල්ලි. මේපැත්තට ආවට.

      Delete
  4. "රජෙකුට හිමිවුන රැජිණකි මම අද
    සතුටයි කිරුළ අපේ...."

    මට මතක්වුනේ මේ සිංදුව.ඒ එක්කම,

    "ඔබ ලඟත් මතකය ඇති
    නමුඳු අපි වෙන්වී ඇති
    එපා රිදවුම් ගන්න මතකෙට
    අපිට හිමි ජීවිත ඇති"

    මතක්වුනා. මොනවිදිහට කිවුවත් ගිය මිනිස්සුන්ව කවදාවත් ආපහු ජීවිතේට ලංකරගන්න එපා.අඩුමගානේ ඒ ගැන හිතන්නවත් එපා.
    මේ බ්ලොග් එකේ ෆ්‍රොන්ට් සයිස් වෙනස්කරන්න පුළුවන්නම්.අපි වගේ ෆෝන් එකෙන් කියවන අසරණයන්ට හරි අමාරුයි මේක කියවන්න.

    ජයවේවා....

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි. මට කියනවද ෆොන්ට් සෛස් එක අඩු වෙන්න ඕනෙද තව මීට වඩා වැඩි වෙන්න ඕනෙද කියල මම හදන්නම්. ඔයාලගෙ කොමෙන්ට් මට ලොකු ශක්තියක්.

      Delete
    2. බොහෝම ස්තූතියි ඉන්නකො මං අඩු කරන්න ආයෙත් ඒවගේ දේවල් තිබුනොත් කියලයන්න මට පුලුවන් හදාගන්න.

      Delete
    3. ඕන්න අඩු කරා බලන්නකෝ.

      Delete
  5. අදයි කටකාරීව බලන්න ආවෙ. ලස්සන නිර්මාණයක්.

    ජයවේවා!!!

    ReplyDelete
  6. අපූරුයි කටකාරියේ... ඔන්න මමත් අද ඉදන් ඔයාගේ බ්ලොග් එකට ගොඩ වෙනවා හොදේ...

    ReplyDelete
    Replies
    1. ඔයාව මම ආදරයෙන් මගේ බ්ලොග් එකට පිලිගන්නවා. බොහෝම ස්තූතියි මේ පැත්තට ආවට.

      Delete