එදා නුඹෙ විජිතයේ මම සුවඳ මලක්
විය
ප්‍රේමයේ මුදුසුවඳ නුඹ වටා විදාහල
ලොවම එරෙහිව ඉද්දි නුඹ නමින් ඉකිබින්ද
මතකයිද හදවතක් නුඹෙ නමට වෙන්වෙච්ච
නිලෙන් බලයෙන් ටිකෙන් ටික උඩට ගිය
නුඹට
රුවෙන් අඩු මලක් විය නොපෑහෙන නුඹෙ
ලොවට
සියක් මල් වට කරන් විසි කලා මා
ඉවත
නුඹෙ ලොවට
කිසිමදා නොගන්නට මා නැවත
අද ඔහු ගෙ ලෝකයට මම සොඳුරු සඳවතක්
ඒ සෙනෙහෙ කිරුලුලන සුපෙම්වත්
රැජිනියක්
මගෙ කඳුලු මකාලන ඔහු සෙනෙහෙ
උල්පතක්
අපේ ලොව ප්‍රේමයෙන් පිරි සොඳුරු
ගීතයක්
රුවට නැමෙනා සිතක් වෙද බමර සැනකෙලී
ReplyDeleteසිතට දැනෙනා ලෙසට නොකරාවි පෙම් කෙලී
සඳට දුක් කිය කියා නොහඬන්න සමනලී
අවට ඇත නුඹෙ නමින් දිලිසෙනා තරු එලි
:D
thanks ishani
Deleteඔන්න අපිත් මේ පැත්තට ගොඩ වුනා.. අපූරුයි..
ReplyDeleteබොහෝම ස්තූතියි ඔයාලගෙ ශක්තිය මට ගොඩාක් වටිනව. ආයෙත් මේපැත්තට එන්න මට ශක්තියක් වෙන්න.
Deleteහොඳයි අක්කේ
ReplyDeleteබොහෝම ස්තූතියි මල්ලි. මේපැත්තට ආවට.
Delete"රජෙකුට හිමිවුන රැජිණකි මම අද
ReplyDeleteසතුටයි කිරුළ අපේ...."
මට මතක්වුනේ මේ සිංදුව.ඒ එක්කම,
"ඔබ ලඟත් මතකය ඇති
නමුඳු අපි වෙන්වී ඇති
එපා රිදවුම් ගන්න මතකෙට
අපිට හිමි ජීවිත ඇති"
මතක්වුනා. මොනවිදිහට කිවුවත් ගිය මිනිස්සුන්ව කවදාවත් ආපහු ජීවිතේට ලංකරගන්න එපා.අඩුමගානේ ඒ ගැන හිතන්නවත් එපා.
මේ බ්ලොග් එකේ ෆ්‍රොන්ට් සයිස් වෙනස්කරන්න පුළුවන්නම්.අපි වගේ ෆෝන් එකෙන් කියවන අසරණයන්ට හරි අමාරුයි මේක කියවන්න.
ජයවේවා....
ගොඩාක් ස්තූතියි. මට කියනවද ෆොන්ට් සෛස් එක අඩු වෙන්න ඕනෙද තව මීට වඩා වැඩි වෙන්න ඕනෙද කියල මම හදන්නම්. ඔයාලගෙ කොමෙන්ට් මට ලොකු ශක්තියක්.
Deleteඅඩු වෙන්නයි ඕනේ
Deleteබොහෝම ස්තූතියි ඉන්නකො මං අඩු කරන්න ආයෙත් ඒවගේ දේවල් තිබුනොත් කියලයන්න මට පුලුවන් හදාගන්න.
Deleteඕන්න අඩු කරා බලන්නකෝ.
Deleteඅදයි කටකාරීව බලන්න ආවෙ. ලස්සන නිර්මාණයක්.
ReplyDeleteජයවේවා!!!
අපූරුයි කටකාරියේ... ඔන්න මමත් අද ඉදන් ඔයාගේ බ්ලොග් එකට ගොඩ වෙනවා හොදේ...
ReplyDeleteඔයාව මම ආදරයෙන් මගේ බ්ලොග් එකට පිලිගන්නවා. බොහෝම ස්තූතියි මේ පැත්තට ආවට.
Delete