තටු සිඳුනු සමනලී
නෙත් කඳුලු සැලි සැලී
අවසන්ව සැනකෙලී
ලතවේවි සියුමැලී
ගම්මානයේ සොඳුරු රූ තාරකාවී
නෙත්මානයේ මව් හැදුනු සීදේවී
සිනා කැන් සල සලා දඟ කරපු සාවී
දිරියෙන්ම නැණ වඩපු සොඳ බාලිකාවී
කැකුලු ඇඟ කඳ සොඳට
මෝරලා යස රුවට
රොන් සොයන බිඟු කැලට
බැලුම් අඩු නෑ නුඹට
රිය කවුලුවෙන් ගමේ දිලිඳුකම් බල බලා
ගම වටේ ඉගිලුනේ ඔහු සමග හිනහිලා
ඔහු කතාවෙන් මැවූ සුරලොවේ තනිවෙලා
නුඹ හඬයි ඉකිලමින් ගම අසල නැවතිලා
අරුත්බරයි... ගොඩක් දවසකින් නේද ?
ReplyDeleteගොඩක් දවසකින් නිර්මානයක් කරන්න හිතට ගතට නිදහසක් ලැබුනා. මාසයක් පුරා අසනීපෙන් හිටියෙ.ඉතින් බ්ලොග් එක පැත්තෙවත් එන්න බැරි වුනා. බොහෝම ස්තූතියි අක්කේ. මේ පැත්තට ආවට.
Deleteඅගේයි කටකාරි. ඔයාගේ තවත් අපූරු අදහසක්.
ReplyDeleteජයවේවා!!!
බොහෝම ස්තූතියි දුමී. ඔයාගෙ ඇගයුමට.
Delete+++++
ReplyDelete+++++++
Deleteඅගෙයි කටකාරියේ... මේ වස්තුවිෂයට බලපෑ කාරණයකුත් තිබුනද?
ReplyDeleteඔවු නිර්මානි. මේක මට අහන්න ලැබිච්ච සිදුවීමක්.අපේ ගමේ හිටිය ක්‍රීඩාවට දක්ෂ ලස්සන ගෑනු ලමයෙක්. එයාලගෙ අම්ම තාත්තවත් නැතුව බොහෝම අමාරුවෙන් තමයි එයාව හදාගත්තෙ. එයාට හිටිය ඔය කවියෙ කියනව වගේ කතාවෙන් සුන්දර ලෝකයක් මවන ලස්සන කාර් එකකින් එන ප්‍රේමවන්තයෙක්. ඉතින් ඇය මේ ලඟදි අම්මගෙ අකමැත්තෙන් වුනත් විවාහ වුනා. දරා ගන්න බැරි තරම් ණයක් අම්මට ඉතිරි කරල ලොකුවට වෙඩින් එකක් අරන්. මාස තුනකින් විතර ආරන්චි වුනා අපිට ඒ ප්‍රේමවන්තය කලින් විවාහ වෙච්ච කෙනෙක් කියල. ඉතින් ඒ ගෑනු ළමය ගෙ අම්ම දැන් දුක කිය කිය ගමේ එයාට හිතවත් ගෙවල් වලට යනව. උදව්වක් ඉල්ලගන්න. ඒ අම්ම ගෙ කඳුලු අපිටවත් දරාගන්න බැහැ.
Deleteමව ගැන දුකයි
Deleteඅැත්තටම මටත් ගොඩාක් දුක ඒ අම්මා ගැන තමයි
Deleteකිරි සිනා මැවි මැවී
ReplyDeleteසිරි මවපු සමනලී
දිරිය ගෙන නොම සැලී
විරි ගනිමු සියුමැලී
සමනලීට මං කිව්ව කියන්න කටකාරියේ
කාලෙකට පස්සෙ අරුත්බර, අලංකාර අපූරු නිර්මාණයක්...
ජයවේවා!!!
බොහෝම ස්තූතියි ඉෂානි. මම කියන්නම්කො සමනළීට. හැමදාම වගේ ඔයා ගෙ ඇගයුම මට ලොකු දිරියක්.
Delete