කටකාර සිතුවිලි වල පෙලගැස්ම

Oct 21, 2016

නිවාඩුව එන තුරා

සෙනෙහස සුවය පිරි සොඳුරුම කැදැල්ලක
නැලවුනු හැඟුම් ආදර මල් තොටිල්ලක
තනි කර දමා ඒ හැඟුමන් ඇසිල්ලක
දුරස් කලේ ඇයි නුඹ මා ගෙන් දුරක

අකුරු අඩු පාසලක නගරෙන් දුර ඈත
සප්ත ස්වර රටා මවනා නුඹෙදෑත
වෙහෙසෙයි පුබුදුවන්නට තරු මල් දෝත
නුඹ ගැන හිත හිතා ලතවෙයි මම මෑත

තොල් පෙති නලියාවි නුඹ හා දොඩන්නට
දුරකථනෙත් ගොලුයි බෑ හරි හැටි අමතන්ට
කෙටි පනිවිඩ පමනි ඇත්තේ සැනසෙන්ට
නුහුරුයි නුඹ නැතිව ගෙවෙනා තනිය මට

සඳ ඇවිත් සලා යහනත රැස් කැරලි
ඇරයුම් ගෙනෙයි රඟනට රාග රතිකෙලි
නුඹ නැතිව කෙලෙස මගෙ සිත නැලවිලි
පායන්නෙපා වාවනු බෑ සඳ කොමලි

එලඹෙන දොහේ නිවාඩුවට සෙනෙහෙ අරන්
මග තොට නොනැවතී පියසට ඉගිල්ලියන්
සුදුබත් පතට කැබෙල්ල දලු මාලු උයන්
බලාහිඳිමි හැරගෙන නෙතු කෞලුපියන්



8 comments:

  1. සුදුබත් පතට කැබෙල්ල දලු මාලු උයන්
    බලාහිඳිමි හැරගෙන නෙතු කෞලුපියන් :]

    අපූරුයි කටකාරිගෙ කවි සිතුවිලි

    ReplyDelete
    Replies
    1. මුල්ම කවි සිතුවිල්ල නිසා හොඳද මන්දා අඩුපාඩු තියනවනම් කියන්න කටකාරි හදාගන්න ලෑස්තියි හොදේ බොහෝම ස්තූතියි මේ පැත්තට ආවට

      Delete
  2. අම්මපා මරු ඈ. හිටිං මං මේ ලිංක් එක යවන්නම්.

    ReplyDelete
  3. ///දුරකථනෙත් ගොලුයි බෑ හරි හැටි අමතන්ට
    කෙටි පනිවිඩ පමනි ඇත්තේ සැනසෙන්ට////

    පවු අප්පා....
    අකුරු කළ මුල්ම සිතුවිල්ල අපූරුයි...

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට ආවට බොහෝම ස්තූතියි නිර්මානි. හැමදාම මාත් එක්ක රැඳිල ඉන්න.

      Delete
  4. නියමයිනේ අක්කේ..

    ReplyDelete