කටකාර සිතුවිලි වල පෙලගැස්ම

Sep 9, 2017

මගේ ආයාචනය

එදා නම් වැස්ස නුඹ සොඳුරුතම සිහිනයක්
පෙම් හැඟුම් තටු ලැබූ රස මවන ලෝකයක්
ගුගුරුවා ගෙන අහස නුඹ ආව වේගයක්
මෙදා නුඹ බිය රැඳුන නපුරුතම හීනයක්




ගංකොමලියගෙ පහසින් සරු ගම් පියසේ
මා ප්‍රිය සුහද නෑ පිරිවර සමඟ වෙසේ
රකුසු වෙසින් නුඹ එනකොට මේ විලසේ
කොලොම් පුරේ  මම වැහි සුව විඳිනු කෙසේ




මිහිකත සනහ සනහාලන වැහි බින්දූ
මගෙ හද දව දවා නෙත කඳුලැලි රැන්දූ
ඔහු ගැන විපරමෙන් තිස්පැය බිය කැන්දූ
මල්වැස්සක් වෙලා වැහැපන් වැහි බින්දූ




පොද වැස්සක්ව කෙත් වත් සරු කරලන්න
චන්ඩ නොවී ගං ඇල දොල පුරවන්න
කලට වැසි දිදී ගස් වැල් පුබුදන්න
ආයෙත් එපා රුදුරුව ගම් වනසන්න





14 comments:

  1. අපූරු පද ගෙත්තමක් කටකාරී.

    ජයවේවා!!!

    ReplyDelete
  2. හැමදාමත් වගේ හරිම අගෙයි කටකාරී කවි පේලිය

    ReplyDelete
  3. Replies
    1. ගොඩාක් ස්තූතියි අක්කේ කාලෙකින් නේද ආවේ මේ පැත්තට.

      Delete
  4. ලස්සනම ලස්සනයි කටකාරීයේ....

    ReplyDelete
  5. To : rain@sky.org
    Cc : viewers@katakarigelokaya.blogspot.com
    Subject: A kind request

    ReplyDelete