කටකාර සිතුවිලි වල පෙලගැස්ම

Jun 1, 2017

සිතින් සිත බැඳ අතින් අත ගෙන සොඳුරු දෙහදක් යාවුනා

පාසලේ ඉඳන් සරසවිය දක්වාම ලබැඳියන් වගේ එක බත්පතට වගකියපු. ජීවිතයට සොඳුරු මතකයන් එක්කරපු. බ්ලොග් ලෝකයට එන්න පාර හදල දීපු කසුන් අයියටත් මගේ ආදරණීය යෙහෙලිය සත්‍යා නිර්මානිටත් අදින් ඇරඹුනු යුග දිවිය සාර්තක වාසනාවන්ත දිවි ඇති තුරාවටම දෙහදක් ආදරයෙන් පිරි සමණල වසන්තයක් වේවායි මම හදවතින්ම සුබපතනව.


තුරුවැල් මල් හසරැලි විසිරී
මුමුනයි ආදරයක අසිරී
සත්‍ය කසුන් හට සුබාසිරී
ගෙනඑයි මුදු පවනැලි සරැලී


දහසක් බාදක විඳ දිරියෙන්
ආ මග නැවතුනි සිනා තොටින්
ආදරයේ රන් කිරුලු දරන්
අද දෙහදක් සැනහේ සතුටින්


දිවිමග ඉසුරෙන් සපිරෙන්නයි
සැමදෙවියන් ඔබ රැකදෙන්නයි
දූදරුවන් ලැබ සෙනෙහෙ කැදැල්ලක
සහසක් පැතුමන් ඉටුවෙන්නයි

14 comments:

  1. //දිවිමග ඉසුරෙන් සපිරෙන්නයි
    සැමදෙවියන් ඔබ රැකදෙන්නයි//

    ඒ දෙන්න වෙනුවෙන් අපි හැමෝගෙම පැතුම

    ReplyDelete
  2. නිර්මාණිටත් කසුන්ටත් වාසනාවන්ත යුග දිවි ගමනකට මගෙනුත් ආසිරි

    ReplyDelete
  3. පැතුම් දියුණුව ළඟා වේවා කසුන් නිර්මාණිය බලා
    සිතුම් අදහස් නැවුම් වේවා යුවතිපති හට සෙත්වෙලා
    ගෙතුම් මල් වැල් සුවඳ වේවා නව කැදැල්ලම හැඩවෙලා
    උතුම් සෙනෙහස අරුත් වේවා මංගලම් සිරි ජයවෙලා........

    ReplyDelete
  4. කවිය නියමයි කටකාරි..

    ReplyDelete
  5. සත්‍යා නංගිට, කසුන් මල්ලිට වගේම මේ කටකාර කෙවිළියටත්, පෙම්බර කෝකිලයාටත් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඔයාල දෙන්න හරිම ලස්සනට ගායනා කළා...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි තරු අක්කේ.

      Delete
  6. කවිය ගති. කසුන කියන්නෙ පස්ට බොක්ක ක්
    සත්‍යා ත්එක්ක දෙන්නම හම්බුණා බ්ලොග් අවොඩ් එකේදි
    කටකාරි ලස්සනට ලියනව නෙ.
    ආයෙත් එන්නම්
    ජය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ පැත්තට ආවට. ආයෙත් එන්න.

      Delete
  7. බොහොම ආදරෙන් සෙනෙහසෙන් සතුටෙන් ගත වුණු හෝරා කිහිපයක් ගත කළා. මේ ලියන කෙල්ල කටකාරීවත් දැක බලා කතා කරන්න ලැබුනා. ඉතින් මට බොහෝම සන්තෝසයි නංගී... දෙන්නගේ යුග ගායනා අහන්න ලැබුන එකත් ඒවගේම සතුටුයි. හරිම ලස්සනයි නේ. මල්ලිට වගේම ඔයාටත් හොඳින් ගායනා කරන්න පුළුවන් ! ආයෙ හමුවෙමු. අපේ සත්‍යට සහ කසුන් මල්ලිට සුබ පැතුම්... ඕනෙ දේකට අපි ඉන්නවා හොඳේ !

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි අක්කේ මටත් සතුටුයි ඔයාලත් එක්ක කතා කරන්න ලැබුනට.

      Delete
  8. කටකාරිගේ ඉසව්වට ආවෙ අහම්බෙන්....දෙදෙනාටම මගෙනුත් සුභ පැතුම්...

    ReplyDelete