කටකාර සිතුවිලි වල පෙලගැස්ම

May 21, 2017

තටු සිඳුනු සමනළී

තටු සිඳුනු සමනලී
නෙත් කඳුලු සැලි සැලී
අවසන්ව සැනකෙලී
ලතවේවි සියුමැලී


ගම්මානයේ සොඳුරු රූ තාරකාවී
නෙත්මානයේ මව් හැදුනු සීදේවී
සිනා කැන් සල සලා දඟ කරපු සාවී
දිරියෙන්ම නැණ වඩපු සොඳ බාලිකාවී


කැකුලු ඇඟ කඳ සොඳට
මෝරලා යස රුවට
රොන් සොයන බිඟු කැලට
බැලුම් අඩු නෑ නුඹට


රිය කවුලුවෙන් ගමේ දිලිඳුකම් බල බලා
ගම වටේ ඉගිලුනේ ඔහු සමග හිනහිලා
ඔහු කතාවෙන් මැවූ සුරලොවේ තනිවෙලා
නුඹ හඬයි  ඉකිලමින් ගම අසල නැවතිලා


12 comments:

  1. අරුත්බරයි... ගොඩක් දවසකින් නේද ?

    ReplyDelete
    Replies
    1. ගොඩක් දවසකින් නිර්මානයක් කරන්න හිතට ගතට නිදහසක් ලැබුනා. මාසයක් පුරා අසනීපෙන් හිටියෙ.ඉතින් බ්ලොග් එක පැත්තෙවත් එන්න බැරි වුනා. බොහෝම ස්තූතියි අක්කේ. මේ පැත්තට ආවට.

      Delete
  2. අගේයි කටකාරි. ඔයාගේ තවත් අපූරු අදහසක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි දුමී. ඔයාගෙ ඇගයුමට.

      Delete
  3. අගෙයි කටකාරියේ... මේ වස්තුවිෂයට බලපෑ කාරණයකුත් තිබුනද?

    ReplyDelete
    Replies
    1. ඔවු නිර්මානි. මේක මට අහන්න ලැබිච්ච සිදුවීමක්.අපේ ගමේ හිටිය ක්‍රීඩාවට දක්ෂ ලස්සන ගෑනු ලමයෙක්. එයාලගෙ අම්ම තාත්තවත් නැතුව බොහෝම අමාරුවෙන් තමයි එයාව හදාගත්තෙ. එයාට හිටිය ඔය කවියෙ කියනව වගේ කතාවෙන් සුන්දර ලෝකයක් මවන ලස්සන කාර් එකකින් එන ප්‍රේමවන්තයෙක්. ඉතින් ඇය මේ ලඟදි අම්මගෙ අකමැත්තෙන් වුනත් විවාහ වුනා. දරා ගන්න බැරි තරම් ණයක් අම්මට ඉතිරි කරල ලොකුවට වෙඩින් එකක් අරන්. මාස තුනකින් විතර ආරන්චි වුනා අපිට ඒ ප්‍රේමවන්තය කලින් විවාහ වෙච්ච කෙනෙක් කියල. ඉතින් ඒ ගෑනු ළමය ගෙ අම්ම දැන් දුක කිය කිය ගමේ එයාට හිතවත් ගෙවල් වලට යනව. උදව්වක් ඉල්ලගන්න. ඒ අම්ම ගෙ කඳුලු අපිටවත් දරාගන්න බැහැ.

      Delete
    2. මව ගැන දුකයි

      Delete
    3. අැත්තටම මටත් ගොඩාක් දුක ඒ අම්මා ගැන තමයි

      Delete
  4. කිරි සිනා මැවි මැවී
    සිරි මවපු සමනලී
    දිරිය ගෙන නොම සැලී
    විරි ගනිමු සියුමැලී

    සමනලීට මං කිව්ව කියන්න කටකාරියේ

    කාලෙකට පස්සෙ අරුත්බර, අලංකාර අපූරු නිර්මාණයක්...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඉෂානි. මම කියන්නම්කො සමනළීට. හැමදාම වගේ ඔයා ගෙ ඇගයුම මට ලොකු දිරියක්.

      Delete